දෝෂාභියෝග ජයෙන් ජනතාව වීදි බැස ප්‍රීති වෙති

දෝෂාභියෝග ජයෙන් ජනතාව වීදි බැස ප්‍රීති වෙති

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවෙන් රජය ජයග්‍රහණය කිරීමත් සමග රටේ මහජනතාව වීදි බැස සිය සතුට ප්‍රකාශ කරනු දැක ගත හැකි විය. ජනතාව වීදි බැස රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ස්ථානය බව මෙම ජයග්‍රහණයෙන් සනාථවන බව වීදි බැසගත් ජනතාව ප්‍රකාශ කළහ.

කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක්ම උත්සව සිරියක් ගනු ලැබීය.

වැරැදි කර ඇත්නම් එයට නිසි දඬුවම් හිමිවන බව ද මෙම ජනතාව ප්‍රකාශ කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා