ජලාශ රැසක් වාන් දමයි

ජලාශ රැසක් වාන් දමයි

සමස්ත ජලධාරිතාව 86% දක්වා නඟී

මෙරට ජලාශවල සමස්ත ධාරිතාව 86% දක්වා ඉහළගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

අම්පාර, අනුරාධපුර, මඩකළපුව, හම්බන්තොට, පුත්තලම, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව, මාතර, කුරුණෑගල, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල විශාල හා කුඩා වැව් වාන් දමා ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ජානකී මීගස්තැන්න මහත්මිය පැවසුවාය.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති අම්පාරේ වැව් 7න් 2ක් වාන් දමා ඇතැයි ද සේනානායක සමුද්‍රයේ ජලය 62%ක් පිරී ඇතැයි ද ඒ මහත්මිය කීවාය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල වැව් 11න් 9ක් වාන් දමා තිබේ. රාජාංගණය ජලාශයේ ධාරිතාව 96%කි. නාච්චාදූව ජලාශයේ දොරටු 6ක් ද පදවිය ජලාශයේ දොරටුවක් ද, වාහල්කඩ ජලාශයේ දොරටු 3ක් ද නුවරවැව ජලාශයේ දොරටු 4ක්ද මේ වනවිට විවෘත කොට ඇත. ඊට අමතරව මහවිලච්චිය, මාහන්කට්ටිය, හුරුළුවැව, තිසාවැවද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් 11ක් ද බදුල්ල දිස්ත්‍රික්කයේ විශාල වැව් 5ක් ද වාන් දමන බව මීගස්තැන්න මහත්මිය කීවාය.

නාගදීප ජලාශය වාන් මට්ටමේ පවතින අතර එහි දොරටු 2ක් අඟල් 4 බැගින්ද තවත් දොරටු 2ක් අඩි 2 බැගින් තප්පරයට ඝන අඩි 4011 ක ධාරිතාවක් නිකුත් කරයි.

කන්ද ඇල, සොරබොර, අඹේවෙල, දම්බරාව , මාපාකඩ වැව් වාන් දමා ඇත.

මඩකළපුව දිස්ත්‍රික්කයේ විශාල වැව් 4 න් 3 ක් වාන් දමන බව ද, රූගම් ජලාශයේ ගේට්ටු 2 ක් අඩි 8 බැගින් ද, උන්නිච්චිය ජලාශයේ ගේට්ටු 3 ක් අඩි 10 බැගින් ද නවකිරි ජලාශයේ ගේට්ටු 3 ක් අඩි 1 ක් අඟල් 1 ක් බැගින් ද වෙහෙරගල ජලාශයේ ගේට්ටු 6 අඩි 1 අඟල් 3 බැගින් ද විවෘත කැර ඇත.

යෝධවැව, දෙබරවැව, වීරවිල වැව් තුනම වාන් දමා ඇත.

මවුආර ජලාශයේ ගේට්ටු 1 ක් අඟල් 3 ක් ද, ලුනුගම්වෙහෙර ගේට්ටු 6 අඟල් 7 බැගින් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිනිගම්මිටිය හා තබ්බෝව වාන් මට්ටමේ ඇත.

ඉඟිනිමිටිය දොරටු 6 ක් අඟල් 01 බැගින් ද, තබ්බෝව දොරටු 4 ක් අඩි 01 බැගින් ද විවෘත කැර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8 ක් අඩි 1 1/2 ක් ද, තවත් දොරටු 2 ක් අඟල් 6 බැගින් ද, මින්නේරිය ජලාශයේ දොරටු 7 අඩි 2 අඟල් 03 බැගින් ද කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 12 ක් අඩි 2 අඟල් 06 බැගින් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විශාල වැව් 3 ක් ද, මහදිවුල්වැව, මොරවැව, වාන් ඇළ හා කන්තලේ ජලාශයේ දොරටු 4 ක් අඩි 1 බැගින් ද, මාතර දිස්ත්‍රික්කයේ ඇල්ලවෙල හා කැකණදුර ප්‍රධාන ජලාශ දෙකේ දොරටු අඟල් 02 බැගින් ද විවෘතය.

වවුනියා දිස්ත්‍රික්කයේ පාවට්කුලම ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ බතලගොඩ, මැඩියාව, මාගල්ල, උස්ගල, සියඹලාන්ගමුව, අඹකොළවැව, අතරගල්ල, පාලුකඩවල වැව් ද වාන් දමමින් පවතී.

මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ, හඳපානාගල, වැව් වාන් දමා ඇති බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී.

මේ අතර නැඟෙනහිර, උතුරුමැද, ඌව හා උතුරු පළාත්වලට කඩින්කඩ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තව දින 03 ක් පමණ මෙවැනි කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා කියයි.

වැස්ස පැතිරයෑමේ හැකියාව වයඹ හා මධ්‍යම පළාත්වල ද පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

විටින් විට උතුරු නැඟෙනහිර, මධ්‍යම පළාත්වල සුළඟේ වේගය වැඩිවිය හැකි යැයි ද ඒ මහතා කියයි. මුහුදු සුළං වේගය පැයට කි. මී. 60 – 70 විය ඛ්ැකි යැයි ද කියන ඒ මහතා මුහුද රළු ස්වභාවයක් ගන්නා බව ද මුහුදු ප්‍රදේශවල ද, වැසි තත්ත්වයක් පවතිනු ඇතැයි ද පවසයි.

ඊයේ (11) වැඩිම වර්ෂාපතනය පදියතලාවෙන් වාර්තා විය. එය මි. මී. 240 කි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා