ශිරාටියෝරාරි ආඥාව පාර්ලිමේන්තුව පිළිගන්නේ නෑ

ශිරාටියෝරාරි ආඥාව පාර්ලිමේන්තුව පිළිගන්නේ නෑ

නීති විද්‍යාලයීය සිසුන්ට ඉදිරියේදී ඉගැන්විය යුත්තේ සර්ටියෝරාරි ආඥාව සම්බන්ධයෙන් නොව ශිරාටියෝරාරි ආඥාව සම්බන්ධයෙන් යැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ප්‍රකාශ කළේය.

තම නඩුව සම්බන්ධයෙන් තමන්ම තීන්දුවක් ලබා දීම ශිරාටියෝරාරි ආඥාව ලෙස අර්ථ දැක්වූ ඇමැතිවරයා පාර්ලිමේන්තුව මේවාට ඉඩ ලබානොදෙන බවත් මන්ත්‍රීවරුන් මේවාට එරෙහි වීම තම වගකීම යැයිද පෙන්වා දුන්නේය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ගෝලයකු වූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනිය තම නඩුවක් සඳහා තම බලය භාවිත කර ඇති බව පෙන්වා දුන් විමල් වීරවංශ මහතා එතුමිය මහාචාර්යවරයා අකමැති ගෝලයකු යැයිද කීවේය.

තම ස්වාමිපුරුෂයාට එරෙහි නඩුවක් විභාග වෙද්දී අගවිනිසුරු ධූරයේ සිටීම, ට්‍රිලියම් රෙසිඩන්සිස් ගනුදෙනුව, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම අගවිනිසුරුවරිය සිදුකර ඇති වැරදි බවද අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය වන අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා සිය කථාවේදී සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා