දෝෂාභියෝගය සම්බන්ධ යෝජනාවක් නැවත ජනාධිපතිට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ

දෝෂාභියෝගය සම්බන්ධ යෝජනාවක් නැවත ජනාධිපතිට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ

දෝෂාභියෝගය සම්බන්ධ යෝජනාවක් නැවත ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ප්‍රකාශ කළේය.

පෙර යෝජනාවේ ඒ සියලු කරුණු සඳහන්ව ඇති බවද කතානායකවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අලුත් යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකියි. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) සහ 78 (අ) ස්ථාවර නියෝගය යටතේයි.

107(3)ත් මේ සමඟ බැ‍ඳෙනවා. තවද මේ යටතේ විශ්වාස බංග යෝජනාවක් පරීක්ෂා කොට ඒ මඟින් එල්ලවී ඇති විෂමාචාර චෝදනා එකක් හෝ ඊට වැඩි ගණනක් ඔප්පු වුවහොත් අගවිනිසුරු පදවියෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කර හැකියි.

යෝජනාව ඉදිරිපත් කිරීමේදී ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් බව සඳහන් වන බැවින් මෙහි පරමාර්ථය පැහැදිළියි.

ව්‍යවස්ථාමය ප්‍රකාරව එම කරුණු ඉටුවී ඇති බැවින් එය ප්‍රමාණවත් බව මා ප්‍රකාශ කරමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා