ශ්‍රී ජ’පුර ඓතිහාසික වෙල්යාය තිස් වසරකට පසු යළි අස්වද්දයි

ශ්‍රී ජ’පුර ඓතිහාසික වෙල්යාය තිස් වසරකට පසු යළි අස්වද්දයි

ජයවර්ධනපුර රෝහල දක්වා වැටී ඇති මාර්ගයේ වම්පස පුළුල් කරන අයුරු.

තලවතුගොඩ - කිඹුලාවෙල ප්‍රදේශයේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලට යන ප්‍රදේශයේ වම් පසින් පිහිටි අක්කර 100කට ආසන්න කුඹුරු යාය නැවත ගොවීන්ට වගා කිරීම සඳහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුව ඉදිකරන සමයේ මීට අවුරුදු 30කට පමණ පෙර රජය මගින් පවරාගෙන තිබූ කුඹුරු යාය කිසිදු සංවර්ධන කටයුත්තකට මෙතෙක් යොදාගෙන තිබුණු බවක් පෙනෙන්නට නැත.

ඒ නිසා කලකට ඉහත එම කුඹුරු අයත්ව තිබූ ගොවීන් විසින්ම වරින්වර සීමිත කුඹුරු ප්‍රමාණයක් වගා කරන ලදී.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කිඹුලාවෙල ප්‍රදේශය සංවර්ධනය කරමින් ජලය නිසි ලෙස බැසයාම සඳහා කුඩා වැවක්ද ඇළ මාර්ගයද පුළුල් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

කිඹුලාවෙල ප්‍රදේශයේ ඉදිවන වැව

වැව හා ඇළ මාර්ග සකස් කිරීමෙන් පසු ගොවීන්ටද කුඹුරු අක්කර භාගය බැගින් වගා කිරීම සඳහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා