මුද්‍රණය සඳහා

 
බස්නාහිර පාසල් දරුවන් පිරිසකට පළාත් මන්ත්‍රීගෙන් අත-හිත

බස්නාහිර පාසල් දරුවන් පිරිසකට පළාත් මන්ත්‍රීගෙන් අත-හිත

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සරත් සුමනසේකර මහතා සිය පෞද්ගලික ධනයෙන් ප්‍රදේ්ශයේ පාසල් දරුවන් හත් දහසකට පමණ පාසල් පොත් බෑග් හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහන පසුගියදා පැලවත්ත මයුරපාද පිරිවෙන් විහාරයේ දී ආරම්භ කරනු ලැබීය.

මයුරපාද පිරිවෙන් විහාරාධිපති, ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයේ දී විශේෂ ආරාධිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ද සහභාගි විය.

කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු වන තුෂාර කුරේ, නිමල් සේනානායක හා විහාර දායක සභාවේ ඩී. ඒ. සූරියආරච්චි යන මහත්වරු ද උත්සව සභාව ඇමතූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]