නුවරඑළිය සියලුම ළමා නිවාස අධීක්‍ෂණයට

නුවරඑළිය සියලුම ළමා නිවාස අධීක්‍ෂණයට

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම ළමා නිවාස අධීක්‍ෂණය කිරීමට ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පියවර ගෙන ඇත.

මේ දිස්ත්‍රික්කයේ ළමා නිවාසවල දරුවන්ට සුරක්‍ෂිත ළමා නිවාසයක් හිමිකර දීමේ අටියෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළමා නිවාස මෙසේ අධීක්‍ෂණය කිරීමට පියවර ගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතාගේ අධීක්‍ෂණය මත දිස්ත්‍රික් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් අදාළ ප්‍රදේශවල පළාත් පාලන ආයතන නිලධාරීන් ද සමඟ මේ අධීක්‍ෂණය සිදු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා