දැයට කිරුළ වොලිබෝල් අද ඇරඹේ

දැයට කිරුළ වොලිබෝල් අද ඇරඹේ

බීච් වොලිබෝල් තරග 26-27 දිනවලදී

දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන වොලිබෝල් තරගාවලිය අද ආරම්භ වේ. පාසල් හා ජාතික වශයෙන් තරගමාලා දෙකක් යටතේ පැවැත්වෙන දැයට කිරුළ වොලිබෝල් තරගාවලියේ පළාත් තරග මේ මස 15වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළාත් මට්ටමේ ශූරතාව හා අනුශූරතාව දිනා ගන්නා වොලිබෝල් කණ්ඩායම් ජාතික මට්ටමට සුදුසුකම් ලබන අතර එම තරග වටය ජනවාරි 19හා 20 දිනවල රුවන්වැල්ල රාජසිංහ මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර දැයට කිරුළ පැවැත්වෙන අම්පාර ප්‍රදර්ශණ භූමියේදී පාසල් හා ජාතික වොලිබෝල් අවසන් තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පාසල් තරගාවලියේ අවසන් තරග පෙබරවාරි 5සිට 7දක්වාත් ජාතික තරගාවලි‍යේ අවසන් තරග පෙබරවාරි 8සිට 10 දක්වාත් පැවැත්වේ.

මෙයට අමතරව ජාතික බීච් වොලිබෝල් තරගාවලියක්ද මේ මස 26 හා 27 දිනවලදී පැවැත්වීමට දැයට කිරුළ සංවිධායකයෝ තීරණය කර ඇත.

එය ජාතික හා ආධුනික බීච් වොලිබෝල් ලෙස අංශ දෙකකින් පැවැත්වේ. දැයට කිරුළ බීච් වොලිබෝල් තරග මීගමුව වෙරළ තීරය, හම්බන්තොට වෙරළ තීරය, කිළිනොච්චි හා අම්පාර සයිදමරිදි වයි‍.එම්.සී.ඒ වෙරළ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා