කනිෂ්ඨ කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

කනිෂ්ඨ කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ජාතික කැරම් සම්මේලන සංවිධානය කරන 12වැනි ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මේ දිනවල සිදු‍ කෙරේ.

තරග ඉසව් 12ක් යට‍තේ පැවැත්වීමට නියමිත ශූරතාවලිය අවුරුදු 13, 15, 17, 19, හා 21න් පහළ වයස් කාණ්ඩයෙන් පිරිමි/කාන්තා කේවල තරග සඳහාත් අවුරුදු 17- 21වයස් කාණ්ඩයෙන් යුගළ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉල්ලුම් කළ හැකි අතර පෙබරවාරි මස 1වැනි දිනට පෙර ඉල්ලුම්පත් යොමුකළ යුතු බව සම්මේලනය පවසයි.

මේ දිනවල පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ කැරම් ශූරතාවලියෙන් පසුව කනිෂ්ඨ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා අයැදුම්පත් ‍රෝහිනී මතායස්, ප්‍රධාන ලේකම්, ජාතික කැරම් සම්මේලනය, 228/5 හීල් විදීය දෙහිවල හෝ කමලා අභයවීර කැරම් සම්මේලන මුලස්ථානය හයිලෙවල් පාර මහරගම යන ලිපිනයට යොමුකළ යුතු අතර වැඩි විස්තර දු.ක 5511530 (ප්‍රධාන ලේකම්) මගින් ලබාගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා