මුද්‍රණය සඳහා

 
සචින් පුතු ක්‍රිකට් පිටියට

සචින් පුතු ක්‍රිකට් පිටියට

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් මුම්බායි 14න් පහළ ක්‍රිකට් පිලට තෝරාගෙන ඇත.

ඉන්දීය බටහිර කළාපීය 14න් පහළ ක්‍රිකට් තරගාවලියේදී අර්ජුන් මුම්බායි පිල වෙනුවෙන් ක්‍රීඩා කරයි.

වමතින් පන්දුවට පහරදීමට හා වමතින් වේග පන්දු යැවීමට සමත් අර්ජුන් 2012 මැයි මාසයේ පැවැති තරගයකදී හතරේ පහර 14ක් හා හයේ පහරක් සමග ලකුණු 124ක් ලබා ගත්තේය.

12හැවිරිදි අර්ජුන් 2011 ජනවාරි මාසයේ මුල් පෙළේ තරගවලට එක්විය.

ඔහු සහභාගීවන බටහිර කළාපීය ක්‍රිකට් තරගාවලිය ජනවාරි 20 සිට පෙබරවාරි 1 දක්වා අහමදාබාද්හිදී පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]