දැයට කිරුළ කල් යයි

පෙබරවාරි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය මාර්තු 23 වැනිදා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

විස්තර»


 

උපාධිධරයෝ උපාධියෙන් නොසෑහී
දැනුම වැඩි කරගන්න කටයුතු කළ යුතුයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 ජනවාරි 12 කොළඹ දී

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් 7ම ඉල්ලා අස්කර ගනී

රිට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ කරයි

NGO  නඩය පසුබසී

නව අගවිනිසුරුට නීති සංගමයේ සහාය

පෙත්සම් ඉදිරියට ගෙනියන්න බෑ

හිටපු අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කිරීම සඳහා කථානායකවරයා විසින් පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අධිකරණය වෙත යොමු කර තිබූ රිට් පෙත්සම් හතක් එම පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් විසින් ඊයේ (15දා) ඉල්ලා අස් කර ගන්නා ලදී. අධිකරණය වෙත මෙලෙස රිට් පෙත්සම් හතක් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් හතම ගාස්තු රහිතව අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.

විස්තර»

නව අගවිනිසුරු වැඩ භාරගනී

නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ (15) පස්වරු 1.48ට යෙදුණු සුබ මොහොතින් නව තනතුරෙහි වැඩ භාරගැනීම සර්ව ආගමික වතාවත් මධ්‍යයෙහි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

විස්තර»

44 වැනි අගවිනිසුරු මොහාන් පීරිස් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා වශයෙන් මොහාන් පීරිස් මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (15) දහවල් 12.30 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා දිවුරුම්දුන් අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මොහාන් පීරිස් මහතාගේ පවුලේ ඥාතීන්ද එක්ව සිටියහ.

විස්තර»

හිටපු අගවිනිසුරුවරිය නිල නිවසින් ඉවත් වේ

හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ (15) පස්වරුවේ අගවිනිසුරු නිල නිවසින් ඉවත්වී ඇති බව වාර්තා වේ. නව අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා‍ගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය විසින් ඊයේ (15) නිර්දේශ කර තිබේ. අගවිනිසුරුවරයා ලෙස පත්කළ යුතු අයෙකුගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය වෙත ජනාධිපතිවරයා විසින් යොමු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කවුන්සිලය විසින් එකී නම නිර්දේශ කොට යළි ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය.

විස්තර»

සෞදි ආරාබිය සමඟ තානාපති සබඳතා දිගටම

ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවීමට තීරණය කළද සෞදි අරාබියාව සමඟ තානාපති සබඳතා අඛණ්ඩවම පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන අහමඩ් ඒ ජවාඩ් මහතා මෙරටට කැඳවීමට රජය තීරණය කර තිබෙන අතර පුරප්පාඩු වන අදාළ තුනතුර සඳහා තානාපතිවරයෙකු ඉදිරියේදී නම්කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා "දිනමිණ" ට පැවසීය.

විස්තර»

කටුනායක ගුවන් තොටුපොළ දෙවන අදියර කඩිනමින්

බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන අධියර ඉදිකිරිම් කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගැනේ.දෙවන අධියර ඉදිකිරිම සඳහා අරමුදල් සැපයිමට ජයිකා ආයතනය එකඟ වී ඇති බවත් භාණ්ඩාගාරය රුපියල් මිලියන 100ක් ලබා දීමට එකඟ වී ඇත් බවත් දිනමිණට අදහස් දක්වමින් සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

විස්තර»


නව අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපතිවරයකු වන ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (15) දිවුරුම් දීමෙන් පසු පත්වීම් ලිපිය ප්‍රදානය කළ අයුරු. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද මෙහි සිටී. ඡායාරූපය - සුදත් සිල්වා





 

මැති සබයේ දෙමළ පිලේ කිලිනොච්චිය පැත්තේ
මන්තිරි කෙනකුගෙ නිවාසෙ ගැන සැලකිය යුත්තේ
කොටි සෙල්ලම් ගැන හිතිලද පුපුරණ දේ අරගත්තේ
කැලය වෙනස් වුණු තරමට පුල්ලි වෙනස් වී නැත්තේ