වැලි සහිත සීනි කිලෝ එක්ලක්ෂ අසූ අටදහසක් ළඟ තබාගත් සේදවත්ත ගබඩාවේ නිලධාරීන්ට දඩ

වැලි සහිත සීනි කිලෝ එක්ලක්ෂ අසූ අටදහසක් ළඟ තබාගත් සේදවත්ත ගබඩාවේ නිලධාරීන්ට දඩ

වැලි මිශ්‍ර සීනි කිලෝ එක්ලක්ෂ අසූ අටදහසක් තබා ගෙන සිටි සේදවත්ත ප්‍රදේශයේ වෙළඳ ආයතනයක විධායක නිලධාරීන් දෙදෙනෙකුට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය රුපියල් තිස්දහසක දඩයක් ඊයේ (15) නියම කළාය.

සිද්ධියට අදාළ සීනි තොගය ඉල්ලා වෙළෙඳ ආයතනය විසින් කරන ලද  ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සීනි තොගයපිළිබඳව රජයේ ආයතනයක නිර්දේශයක් ඉදිරිපත් කළ විට ඒ පිළිබඳව සලකා බලන බවත් එම නිර්දේශය පෙබරවාරිමස22වෙනිදාඅධිකරණයට ඉදිරිපත් කරන ලෙස චූදිතයින්ට දැන්වූවාය.

පාරිභෝගික අධිකාරිය මගින් කරන ලද වැටලීමකදී සේදවත්ත ප්‍රදේශයේ වෙළෙඳ ආයතන දෙකකට අයත් මෙම වැලි මිශ්‍ර සීනි තොගය සමඟ චූදිතයන්ද අල්ලා ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ අවස්ථාවේ චූදිතයින් අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව සිය නීතිඥවරුන් මගින් අධිකරණයට දන්වා සිටීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එක් චූදිතයකුට රුපියල් විසිදහසක දඩයක්ද, අනෙක් සැකකරුට රුපියල් දසදහසක දඩයක්ද නියම කළාය.

වැලිමිශ්‍ර සීනි තොගය කෝටි දෙකකට ආසන්න බවට ගණන් බලා තිබේ. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන ප්‍රදීප් නිශාන්ත, අසංක නන්එදිරි ගාමිණි අතපත්තු යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා