ගොළු හදවතේ සුගත් මිය යයි

ගොළු හදවතේ සුගත් මිය යයි
 

වික්‍රම බෝගොඩ

ගොළු හදවත

චිත්‍රපටයේ

ශ්‍රී ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ට ඝනයේ නළුවකු වූ වික්‍රම බෝගොඩ ඊයේ (15) අභාවප්‍රාප්ත විය.

ගොළු හදවත චිත්‍රපටයේ සුගත් වීරසේකර ලෙස රගපාමින් අතිශය ජනාදරයට පත් වික්‍රම ගම් පෙරළිය,කලියුගය,යුගාන්තය යන චිත්‍රපට ත්‍රිත්වයේම තිස්ස කයිසාරුවත්තේ චරිතය රඟපෑමේ දුර්ලභ වාසනාව ලැබීය.

1940 වසරේ දී මහනුවර හිඳගල දී උපත ලද වික්‍රම මහනුවර ධර්මරාජ,කොළඹ ආනන්ද සහ පන්නිපිටියේ ධර්මරාජ යන පාසල් වලින් අධ්‍යාපනය ලද්දේය.

ඔහු රංගනයට පිවිසෙනුයේ ධර්මපාල විද්‍යාලය මගින් වේදිකා ගත කරන ලද වැනිසියේ වෙළෙන්දා නාට්‍යෙය් ෂයිලොක් ගේ චරිතය රඟපාමිනි.

මිය යන විට

වික්‍රම

බෝගොඩ

පසුව ඔහු කරලියට පිවිසෙනුයේ සුගතපාලද සිල්වාගේ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමේ ප්‍රබල නළුවකු වෙමිනි.ඒ සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ නාට්‍ය හරහාය.

තට්ටු ගෙවල්,හරිම බඩු තුනක්,තුරඟා සන්නිය,රන් තෝඩු,ඔන්න බබෝ ඇතින්නියා, එහලක් නැති ගෙයක් ඇතුළු නාට්‍ය රැසකටම හෙතෙම රංගනයෙන් දායක විය.

ඔහු සිනමාවට පිවිසෙනුයේ ගම් පෙරළිය චිත්‍රපටයේ තිස්ස කයිසාරුවත්ත ගේ චරිතය රඟපාමිනි.පසුව දෙලොවක් අතර,කිංකිණි පාද,බිනරමලී,හත්දින්නත් තරු අහස් ගව්ව,පළඟැටියෝ ඇතුළු චිත්‍රපට රැසක හෙතෙම චරිත මැව්වේය.

මායා මන්දිර ඔහු චරිත නිරූපනය කළේ ටෙලිවිෂනය වෙනුවෙනි.මෑත කාලයේ ඔහු රංගනයට එක් නොයේය.වික්‍රම බෝගොඩ මිය යයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා