හිටපු අගවිනිසුරුවරිය නිල නිවසින් ඉවත් වේ

හිටපු අගවිනිසුරුවරිය නිල නිවසින් ඉවත් වේ

හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ (15) පස්වරුවේ අගවිනිසුරු නිල නිවසින් ඉවත්වී ඇති බව වාර්තා වේ.

නව අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා‍ගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය විසින් ඊයේ (15) නිර්දේශ කර තිබේ.

අගවිනිසුරුවරයා ලෙස පත්කළ යුතු අයෙකුගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය වෙත ජනාධිපතිවරයා විසින් යොමු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කවුන්සිලය විසින් එකී නම නිර්දේශ කොට යළි ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය.

එවිට එකී නම් දරන තැනැත්තා "අගවිනිසුරු" ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පැවරෙයි.

ඒ අනුව මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (15) දිවුරුම්දී තිබේ.

පාර්ලිමේන්තු කවුන්සිලය විසින් මොහාන් පීරිස් මහතාගේ නම නිර්දේශ කොට යැවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම සිදුකර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා