සෞදි ආරාබිය සමඟ තානාපති සබඳතා දිගටම

සෞදි ආරාබිය සමඟ තානාපති සබඳතා දිගටම

ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවීමට තීරණය කළද සෞදි අරාබියාව සමඟ තානාපති සබඳතා අඛණ්ඩවම පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන අහමඩ් ඒ ජවාඩ් මහතා මෙරටට කැඳවීමට රජය තීරණය කර තිබෙන අතර පුරප්පාඩු වන අදාළ තුනතුර සඳහා තානාපතිවරයෙකු ඉදිරියේදී නම්කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා "දිනමිණ" ට පැවසීය.

සෞදි අරාබියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හතරකට වැඩි පිරිසක් සිටින බව පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සියලු දෙනාගේම ආරක්ෂාව, අයිතිවාසිකම්, සුබසාධන පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා වෙනුවෙන් තානාපති කාර්යාලය මැදිහත්වී කටයුතු කරන බවද සඳහන් කළේය.

මරණ දඬුවමට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් වෙත සමාව ලබාදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය, තානාපති අංශ, විවිධ දේශපාලන පක්ෂ, ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ඉල්ලීම් කළද ඒ සියල්ල නොසළකා ඇයට මරණ දඬුවම ලබාදීම හේතුවෙන් සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා යළි කැඳළවීමට රජය පියවර ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා