මුද්‍රණය සඳහා

 
විදේශිකයන් මෙරටට පැමිණ හොර ඩොලර් ජාවාරමක

විදේශිකයන් මෙරටට පැමිණ හොර ඩොලර් ජාවාරමක

කැමරුන්, රුසියානු, පකිස්තාන ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන් එක්වී ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ ඩොලර් නෝට්ටු නිපදවීමේ ජාවාරමක් පිළිබඳ මේ වන විට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

කොළඹ, මීගමුව, නුවර ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ජාවාරම සිදු කර ගෙන යන බව පැවසේ. මේ වන විට මේ ජාවාරමට සම්බන්ධ කැමරුන් ජාතිකයන් දෙදෙනකු, රුසියානු ජාතිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් ළඟ තිබී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාජ අමෙරිකානු ඩොලර් තොගයක්ද සොයා ගෙන තිබේ.

කැමරුන් ජාතිකයන් දෙදෙනා යුවළක් වන අතර කොළඹ තරු පහේ හෝටලයක රැඳී සිටින අවස්ථාවේ ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ‍රුසියානු ජාතිකයා මීගමුව වයිකාල් ප්‍රදේශයේදී වයික්කාල් පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ දැඩි අවධානයකින් සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෙසු සැකකරුවන් සොයා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]