මුද්‍රණය සඳහා

 
කහවත්තේ ඝාතන චෝදනාවෙන් සාක්කි නොමැතිව නිදහස් වූ අයෙක් අතුරුදන්

කහවත්තේ ඝාතන චෝදනාවෙන් සාක්කි නොමැතිව නිදහස් වූ අයෙක් අතුරුදන්

කහවත්තේ කාන්තා ඝාතනයකට සම්බන්ධ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන සාක්කි නොමැති නිසා නිදහස්ව සිටි සැකකරුවෙක් ඊයේ (16) සිට අතුරුදන්ව සිටී.

කහවත්තේදී ආරියවතී නමැති කාන්තාවක් දූෂ්‍ය කර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි බෝපිටියගේ ගාමිණි වික්‍රමසිංහ යන අය මෙසේ අතුරුදන්ව සිටියි.

ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබේ. ආරියවතීගේ ඝාතනයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සාක්කි නොමැති නිසා නිදහස්ව සිටි තවත් සැකකරුවෙක් මීට මාසයකට පෙර අතුරුදන්ව සිට නාඳුනන පිරිසක් විසින් ඝාතනය කර තිබුණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]