මුද්‍රණය සඳහා

 
දෝෂාභියෝගයට විරෝධය පාමින් අධිකරණ කටයුතු වර්ජනය කළ බොහෝ දෙනා සේවයට ඇවිත්

දෝෂාභියෝගයට විරෝධය පාමින් අධිකරණ කටයුතු වර්ජනය කළ බොහෝ දෙනා සේවයට ඇවිත්

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙනා දෝෂාභියෝගයට විරෝධය පළකරමින් හඬ නැඟූ සහ අධිකරණ කටයුතු වර්ජනය කළ නීතිවේදීන් බොහෝ දෙනෙක් ඊයේ (16) සිය රාජකාරි කටයුතු සඳහා අධිකරණයට සාමාන්‍ය ලෙස පැමිණ සිටියහ.

අභිනව අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා පත්වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහ අභියාචනාධිකරණයෙහි කටයුතු ද සාමාන්‍ය ලෙස ඊයේ (16) සිදු කෙරිණි. උපරිමාධිකරණ පරිශ්‍රයම බෙහෙවින් සාමකාමී වාතාවරණයක් ඇති වී තිබිණි.

නිමල් ගාමිණී අමරතුංග, පී. ඒ. රත්නායක, චන්ද්‍රා ඒකනායක යන විනිසුරු මඬුල්ල ඉදිරියෙහි ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේදී සලීම් මර්සුප්, එස්. අයි. ඉමාම්, සත්‍යා හෙට්ටිගේ යන විනිසුරු මඬුල්ල ඉදිරියෙහි ශ්‍රේෂ්ඨාධිකරණ 403 ශාලාවේද පෙත්සම් කැඳවන ලදී. එලෙස කැඳවන ලද පෙත්සම් සංඛ්‍යාව 56 කි.

මේ අතර නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සුබ පැතීම සඳහා විශාල පිරිසක් ඊයේ ද (16) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණියහ.

අධිකරණ විනිසුරුවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් සහ නීතිඥවරු ඒ අතර වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]