මුද්‍රණය සඳහා

 
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ කනින් රිංගන්න හැදූ තැත ඇමැති අණින් නවතී

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ කනින් රිංගන්න හැදූ තැත ඇමැති අණින් නවතී

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝගය මත වැටලීම් කර සොයා ගත් පරිභෝජනයට නුසුදුසු ආනයනික සැමන් තොගය ‍හොඳ තත්ත්වයේ ඒවා බව පෙන්වා ‍‍එතෙක් සිදු කළ වැටලීම අවලංගු කරවා ගැනීමට එම ආනයනික සමාගමේ නිලධාරී කණ්ඩායමක් සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඊයේ දැඩි උත්සාහයක යෙදුනහ.

ඊයේ (16) පෙරවරුවේ එසේ ලබාදුන් වැටලීමට අදාළ තොරතුරු පවා වෙනස් කරන ලෙස ඉල්ලූ ඔවුන් 'දිනමිණ' ඡායාරූප ශිල්පියාට එය ඡායාරූප ගැනීම පවා වළක්වා සිටියේය.

මේ අසාධාරණය සම්බන්ධව අමාත්‍යවරයාට දැනුම් දීමෙන් පසු අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳව සොයා බලා යට ගැසීමට උත්සාහ කළ පරීක්ෂණ යළි සක්‍රිය කර සියලු මාධ්‍යවලට අදාළ විස්තර ලබා ගැනීමට කටයුතු කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]