5 ශිෂ්‍යත්ව දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පි‍ටවේ

5 ශිෂ්‍යත්ව දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පි‍ටවේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍ය ජනප්‍රිය පාසල් සඳහා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (16) නිකුත් කළේය.

පිරිමි පාසල් අතරින් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ලකුණු 168 ක්ද කාන්තා විද්‍යාල අතරින් මහනුවර බද්උද්දීන් බාලිකා විදාලය ලකුණු 166 ක්ද, මිශ්‍ර පාසල් අතරින් මාවනැල්ල සහිරා මුස්ලිම් මහා විදාලය 163 ක්ද දිවයිනේ ඉහළම ලකුණු ලබාගෙන තිබේ.

සෙසු පාසල්වලට අදාළ කඩඉම් ලකුණු පහත දැක්වේ.

පිරිමි විද්‍යාල

01 ඩී.එස්. සේනානායක විද්‍යාලය - 62, ග්‍රෙගරි පාර, කොළඹ 07 - 168
02 ශාන්ත මයිකල් විද්‍යාලය - මඩකලපුව - 160
03 ආර්.කේ.එම්. ශ්‍රී කොනේස්වර හින්දු ම.වි. - වරාය පාර, ත්‍රිකුණාමලය - 156
04 යාපනය හින්දු විද්‍යාලය - යාපනය - 150
05 හාර්ට්ලේ විදාලය (Hartley) - පේදුරු තුඩුව - 150

කාන්තා විද්‍යාල

01 බද්-උද්දීන් බාලිකා ම.වි. - මහනුවර - 166
02 වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලය - මඩකලපුව - 162
03 ශ්‍රී ෂන්මුගම් හින්දු කාන්තා විද්‍යාලය - ත්‍රිකුණාමලය - 160
04 මහමුද් කාන්තා විද්‍යාලය - කල්මුණේ - 159
05 වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය - යාපනය - 155
06 ශාන්ත මරියා විද්‍යාලය - වරාය පාර, ත්‍රිකුණාමලය - 149

මිශ්‍ර පාසල්

01 සහිරා මුස්ලිම් ම.ම.වි. - මාවනැල්ල - 163
02 බදුරියා මුස්ලිම් ම.ම.වි. - මාවනැල්ල - 159
03 හයිලෑන්ඩ්ස් ම.ම.වි. - හැටන් - 157
04 එරාවුර් අලිගර් මුස්ලිම් ම.වි. - එරාවුර් - 152
05 කේම්බ්‍රිජ් දෙමළ විද්‍යාලය - කොටගල - 151
06 සමන්තුරෙයි මුස්ලිම් ම.ම. වි. - සමන්තුරෙයි - 151
07 අල් මින්හාජ් මුස්ලිම් ම.ම.වි. - හපුගස්තලාව - 150
08 කොකුවිල් හින්දු විද්‍යාලය - කොකුවිල් - 150
09 කැකුණගොල්ල මුස්ලිම් ම.වි. - කැකුණගොල්ල - 149
10 මීරා බාලිකා ම.වි. - කාන්තන්කුඩි - 148

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා