මුද්‍රණය සඳහා

 
විදුලිබල නිපැයුමෙන් 80%ක් ජල විදුලියෙන්

විදුලිබල නිපැයුමෙන් 80%ක් ජල විදුලියෙන්

ජලාශ වැසි ජලයෙන් පිරී ඉතිරී තිබෙන නිසා මේ වසරේ විදුලිබල නිෂ්පාදනයෙන් (80%) ජල විදුලි බලාගාර හරහා සිදු කළ ගත හැකි යැයි මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විශ්වාසය පළ කෙළේය.

‍ඒ අනුව ඩීසල් බලාගාරවලින් විදුලිය නිපදවීමට අවශ්‍ය වන්නේ සියයට 20ක් බව පෙන්වා දුන් ලේකම්වරයා එම නිසා බලශක්තිය සඳහා වැය වන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි යැයිද කීය. ‍

වසර 2012 දී ජලය යොදා ගනිමින් සියයට 70ක්ද බලශක්ති යොදා විදුලිය සියයට 30ක්ද නිපදවා තිබේ. විදුලිය නිපදවීමට බලශක්තිය වෙනුවට ජලය යොදා ගැනීමට හැකිවීම ආර්ථිකයේ දියුණුවට විශාල ශක්තියක් සැපැයීමකැයිද ලේකම්වරයා පැහැදිලි කළේය.

මේ වසර නිමා වන විට අප රටේ සෑම නිවසකටම විදුලිබලය ලබාදීම රජයේ ඉලක්කය වී තිබේ. ඒ ඉලක්ක ගත වැඩපිළිවෙළ වේගවත්ව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද ාජපක්ෂ මහතා විශාල උනන්දුවකින් කටයුතු කරන බවද ජයසුන්දර මහතා සඳහන් කෙළේය.

බලශක්තිය ලෙස ඩීසල් යොදා ගතහොත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් වැඩි වශයෙන් ජලය යොදා විදුලිය නිපදවීමට හැකි නම් ඒ අප රටට වාසිදායක තත්ත්වයක් බවත් ජයසුන්දර මහතා විස්තර කළේය.

‍වසර 2012 මෙරටට ඉන්ධන ගෙන්වීමට අමෙරිකානු ඩොලර් බිලියන 5.5ක තරම් අතිවිශාල මුදලක් වැය කොට තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]