උතුරුමැද වැව් 3200ක් සංවර්ධනයට හමුදා සහාය

උතුරුමැද වැව් 3200ක් සංවර්ධනයට හමුදා සහාය

උතුරු මැද පළාතේ වැව් 3200ක් ශ්‍රී ලංකා යුද හමුදාව යොදා සංවර්ධනය කිරීමට පියවර ගැනේ. උතුරුමැද මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් යුද හමුදාව යොදාගෙන වැව් නවීකරණයට අවසර ලබාදී ඇත.

කොන්ත්‍රාත් ක්‍රමයෙන් බැහැරව පළාත් සභාවෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් යුද හමුදා ශ්‍රමය යොදා වැව් සකස් කිරීමට පියවර ගන්නා බව මහ ඇමැතිවරයා පවසයි.

වැව් ප්‍රතිසංස්කරණයේදී කොන්ත්‍රාත්කරුවන් විසින් නිසි ප්‍රමිතියට වැව් ප්‍රතිසංස්කරණය නොකරන බවට ගොවීන් හා ගොවි සංවිධාන මහ ඇමැතිවරයා දැනුවත් කර තිබිණි.

උතුරුමැද වැව් 3200ක් කුඩා වැව් සංවර්ධනය කර ජලය වැඩියෙන් රඳවා ගැනීම, වගා කරන කුඹුරුවලට වඩා පුරන් වී ඇති කුඹුරු අස්වැද්දීම වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකර කැඩී බිඳී අබලන්වී ඇති වැව් යුද හමුදාව ලවා නවීකරණය කර වැව් ආශ්‍රිතව ජනතාව පදිංචිකරවීම හා වැව් ආශ්‍රිත උද්‍යාන සැකසීමටද නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා