යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඇරැඹේ

යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඇරැඹේ

යොවුන් නවෝදය 2013 යටතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 හි පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාස 762ක යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික තරුණ සේවා සභා කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ මහේෂ් ප්‍රසාද් චන්ද්‍රසේන මහතා පැවැසීය.

ග්‍රාම නිලධාරී වසම් හි වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුණ තරුණියන්ට යෞවන සමාජවලට බැඳීමට හැකිවේ.

මේ සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අනුයුක්තව කටයුතු කරන තරුණ සේවා නිලධාරීන් ගෙන් ලබා ගත හැකි වන අතර පෙබරවාරි 28 දින මේ කටයුතු අවසන් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා