දියවර සවිය ණය අතටම

දියවර සවිය ණය අතටම

2012 වර්ෂයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති හා බේරුවල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලං.නි.පක්ෂ සංවිධායක වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදේශකත්වය යටතේ “දියවර සවිය” ණය පහසුකම් ලබාදීම සාර්ථකව සිදු කැරිණි.

මේ අනුව ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන් 154 දෙනෙකු සමඟ දියවර සවිය ණය පහසුකම් යටතේ රුපියල් ලක්ෂ 57.1ක් ලබා දී තිබේ.

එමෙන්ම ප්‍රතිලාභීන් 65 දෙනෙකු සඳහා දියවර සවිය ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රධාන මුදල් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 11.8ක් වැයකර ඇත.

විශේෂයෙන්ම “දියවර දිරිය” ණය යෝජනා ක්‍රමයදී ක්‍රියාත්මක වන අතර මෙමඟින්ද කරුණු 6ක් යටතේ ධීවර ජනතාවට සහන ලබා දී තිබේ.

ධීවර යාත්‍රා නිෂ්පාදනයට හා එන්ජින් මිලදී ගැනීම, ධීවර යාත්‍රා අමතර උපකරණ ලබාගැනීම, ධීවර ආම්පන්න නවීකරණය කිරීම, ජලජීවී වගාවන් සඳහා, ධීවර ආම්පන්න මිලදී ගැනීම සහ මෝටර් සයිකල් හා මාළුපෙට්ටි ගැනීම සඳහා මෙම දියවර දිරිය ණය ලබා දීම සිදුකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා