බ්රේල් ක්‍රමයෙන් අකුරු කර ශිෂ්‍යත්වය සමත් වූ දැරියට තෑගිත් රැගෙන ඇමැති කළුතර නාගොඩ විදුහලට යයි

බ්රේල් ක්‍රමයෙන් අකුරු කර ශිෂ්‍යත්වය සමත් වූ දැරියට තෑගිත් රැගෙන ඇමැති කළුතර නාගොඩ විදුහලට යයි

බ්රේල් ක්‍රමයෙන් 5 වසර ශිෂ්‍යත්වයට ඉදිරිපත් වී ඉන් සමත් වූ සඳිනි තිලකරත්න ශිෂ්‍යාවට බ්රේල් යතුරු ලියනයක් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රදානය කරණු ලැබූ අයුරු.

ඡායාරූපය – නාගොඩ විශේෂ

නාගොඩ මහා විද්‍යාලයේ ඉගනුම ලබන ටී. තිලෝමා සඳිනි තිලකරත්න ශිෂ්‍යයාව බ්රේල් ක්‍රමය යටතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 157ක් ලබා ගනිමින් දිවයිනෙන්ම එලෙස 5 වසර ශිෂ්‍යත්ව සමත්වූ ප්‍රථම ශිෂ්‍යාව බවට පත් විය. ඒ පසුගිය 2012 වර්ෂයේදීය.

මෙම සුවිශේෂි සිදුවීම 2012 ඔක්තෝබර් 5 වැනි දින “දිනමිණ” පුවත්පතින් ද වාර්තා විය.

2013 ජනවාරි 8 වැනිදා සඳිනි තිලකරත්න ශිෂ්‍යාවට බ්රේල් ක්‍රමයෙන් සිය අධ්‍යාපනික කටයුතු කරගැනීමට අවශ්‍ය උපකරණ ද රැගෙන අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා නාගොඩ මහ විද්‍යාලයට පැමිණියේය.

ඒ නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයට මහජන නියෝජිතයින් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, නාගොඩ මහ විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, එහි සිසු සිසුවියන්, මවුපියන් ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා