|
||||
බ්රේල් ක්‍රමයෙන් අකුරු කර ශිෂ්‍යත්වය සමත් වූ දැරියට තෑගිත් රැගෙන ඇමැති කළුතර නාගොඩ විදුහලට යයි
නාගොඩ මහා විද්‍යාලයේ ඉගනුම ලබන ටී. තිලෝමා සඳිනි තිලකරත්න ශිෂ්‍යයාව බ්රේල් ක්‍රමය යටතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 157ක් ලබා ගනිමින් දිවයිනෙන්ම එලෙස 5 වසර ශිෂ්‍යත්ව සමත්වූ ප්‍රථම ශිෂ්‍යාව බවට පත් විය. ඒ පසුගිය 2012 වර්ෂයේදීය. මෙම සුවිශේෂි සිදුවීම 2012 ඔක්තෝබර් 5 වැනි දින “දිනමිණ” පුවත්පතින් ද වාර්තා විය. 2013 ජනවාරි 8 වැනිදා සඳිනි තිලකරත්න ශිෂ්‍යාවට බ්රේල් ක්‍රමයෙන් සිය අධ්‍යාපනික කටයුතු කරගැනීමට අවශ්‍ය උපකරණ ද රැගෙන අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා නාගොඩ මහ විද්‍යාලයට පැමිණියේය. ඒ නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයට මහජන නියෝජිතයින් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, නාගොඩ මහ විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, එහි සිසු සිසුවියන්, මවුපියන් ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් ද සහභාගි වූහ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |