එක ගමකට එක වැඩක් යටතේ වත්තල සංවර්ධන වැඩ රැසක්

එක ගමකට එක වැඩක් යටතේ වත්තල සංවර්ධන වැඩ රැසක්

එක ගමකට එක වැඩක් යන මහින්ද චින්තනය යටතේ වත්තල ප්‍රාදේශීය සභාව කොන්ක්‍රීට් කළ පාරක්.

ඡායාරූපය – හැඳල විශේෂ

එක ගමකට එක වැඩක් යටතේ වත්තල ප්‍රාදේශීය සභාවට සිය බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 40ක් සංවර්ධනය සඳහා රුපියල් ලක්‍ෂ 400 ක් ලබාදී තිබුණි.

වත්තල ප්‍රාදේශීය සභාපති අල්විස් මහතා මෙම මුදල් උයයෝගි කර ගනිමින් තම බල ප්‍රදේශයේ සෑම ගමකම අවශ්‍යතා සොයා බලා සංවර්ධන වැඩ ඉටු කිරීමට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් ද සලකා බලමින් සහයෝගයෙන් ක්‍රියා කළේය.

ඒ අනුව 2012 වසරේ සැප්තැම්බර් මාසය වනවිට සිය ව්‍යාපෘති 40 නිමකර ජනතා අයිතියට ලබා දීමට ඔහුට හැකියාව ලැබුණි.

මේ පිළිබඳව සභාපතිතුමාට තිඹිරිගස්යාය සැනසුම ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ ප්‍රශංසාව පිරිනැමීමේ යෝජනාවක්ද සම්මත කර ගන්නට යෙදුනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා