හොරණ සුදේරිස් සිල්වා මාවතට රථ වාහන ගාලක් ඕනෑ

හොරණ සුදේරිස් සිල්වා මාවතට රථ වාහන ගාලක් ඕනෑ

හොරණ නගරයේ ප්‍රධාන වීදියක් වන සුදේරිස් සිල්වා මාවතේ වාහන නවතා තැබීමේ ක්‍රමවේදයක් නොමැති කමින් එහි ගමන් ගන්නා මගීන් අසීරුතාවට පත්ව සිටිති.

මේ මාර්ගය දෙපස කඩ සාප්පුවලින් ග්‍රහණව ඇත. මාර්ගය බස් නැවතුම්පළින් අරඹා කළුතර, අඟුරුවාතොට පාරට සම්බන්ධ වේ.

මාර්ගය අඩි 25ක් තරම්වත් පළල්ව නැත. එනමුත් දහවල් කාලයේ මාර්ගයට දෙපසින් ම වාහන ඇතුළ් වේ.

ත්‍රිරෝද රථ ගාලද අක්‍රමවත්ය. යතුරුපැදි හා මෝටර් රථවාහන ද නවතා ඇත.

වගකිව යුත්තන්ගේ අවධානය යොමුකර මේ මාර්ගය ක්‍රමවත් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය විධිවිධාන යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා