හර්ෂගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

හර්ෂගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

මොරටු විදුහලේ හර්ෂ දේවින්දගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොළඹ අසෝක විදුහල සමග පසුගියදා මොරටුවේදී පැවැති අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මොරටු විදුහල සමත්විය.

අසෝක විදුහල පළමු ඉනිමේ ලකුණු 89කට සීමාකරමින් හර්ෂ ලකුණු 30කට කඩුලු 6ක්ද, දෙවන ඉනිමේ ලකුණු 44කට කඩුලු 7ක් ද බිඳ හෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරතවීය.

අසෝක විදුහල පළමු ඉනිම-89 ඉශාන් මධුසංක 24 (හර්ෂ දේවින්ද 30/6, නිපුන් රන්දික 5/2) සහ දෙවන ඉනිම- 85 තිසර දේශාන් 21 (හර්ෂ දේවින්ද 44/7, සචින් උමයාංගන 26/3)

මොරටු විදුහල පළමු ඉනිම-103/7 හර්ෂ දේවින්ද 24, සඳක පතිරණ 35/4, ඉශාන් මධුසංක 16/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා