අජ්මාල්ට සම්මාන හතරක්

අජ්මාල්ට සම්මාන හතරක්

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පළමු වරට සංවිධානය කළ ක්‍රිකට් සම්මාන උළෙලේ දී සම්මාන 4ක් දිනාගත් පිට දඟපන්දු යවන සයීඩ් අජ්මාල් අයි.සී.සී.සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත අවසන් නම් අතරට නොපැමිණිමේ වේදනාව අමතක කර දැමුවේය.

පාකිස්තාන ක්‍රිකට් සම්මාන උළෙලේ දී ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ක්‍රිකට් අංශ තුනේදීම හොඳම පන්දු යවන්නා වූ 35හැවිරිදි අජ්මාල් වසරේ හොඳම පන්දු යවන්නා ලෙසත් විශේෂ සම්මානයක් දිනාගත්තේය.

'මේ සම්මාන හතරම මට විශාල ගෞරවයක්. ඒත් හොඳම ටෙස්ට් පන්දු යවන්නාගේ සම්මානය ගොඩාක් විශේෂයි. මොකද ටෙස්ට් ක්‍රීඩාවට ශාරිරික යෝග්‍යතාව නිතරම ඉහළ මට්ටමක පවත්වාගත යුතුයි. නැතිනම් දස්කම් දැක්වීමට අසීරුයි.' අජ්මාල් පැවසීය‍.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ‍කොළඹ දී පැවැති අයි.සී‍.සී.සම්මාන උළෙලේ දී ‍හොඳම පන්දු යවන්නන් අතරට අජ්මාල් නිර්දේශ නොවීම සම්බන්ධව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහූ විරෝධතාවක් ද ඉදිරිපත් කර තිබිණි.

ඒ වනවිට එක්දින තරග පිටියේ ‍අංක එකේ පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගතව සිටි අජ්මාල් මෙසේ අයි.සී.සී.සම්මාන උළෙලට නිර්දේශ නොවීම ‍බොහෝ දෙ‍නකුගේ විමතියට ද කරුණක් වී තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා