මුද්‍රණය සඳහා

 
මාතලේ අන්තර් සමාජ වොලිබෝල් ශූරතාව දඹුල්ල ශාන්ත ක්‍රීඩා සමාජයට

මාතලේ අන්තර් සමාජ වොලිබෝල් ශූරතාව දඹුල්ල ශාන්ත ක්‍රීඩා සමාජයට

මාතලේ දිස්ත්‍රික් විවෘත අන්තර් සමාජ 'ගාමිණි නන්දසේන' අනුස්මරණ රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල වලගම්වැ‍ව ශාන්ත ක්‍රීඩා සමාජය සමත්විය.

කණ්ඩායම් 8 සහභාගිත්වයෙන් පසුගියදා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේදී අවසන් මහා තරගයේදී මඩවල උල්පත සමගි ක්‍රීඩා සමාජ පිල පරදා 25/19, 23/25, 25/19ක් ලෙසින් වට 2-1ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ක්‍රීඩා සමාජ පිලට හැකිවිය.

ශූරතාව දිනු ශාන්ත ක්‍රීඩා සමාජ පිල ශාන්ත විජේරත්න විසින්ද සමගි ක්‍රීඩා සමාජ පිල විපුලසේන රාජපක්ෂ විසින්ද මෙහෙයවුහ.තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ප්‍රවීණ වොලිබෝල් ක්‍රීඩකයෙකුවන මාතලේ ගොවිජන සේවා දෙපාර්තමේන්තු සහකාර ඉංජිනේරු කේ.ඩී.එස්.දයානන්ද මහතා අතින් සිදු කෙරිණි.

ක්‍රීඩා නිලධාරියෙකු, පුහුණුකරුවෙකු හා සංවිධායකයෙකු ලෙස ක්‍රීඩාව ඉමහත් සේවයක් කළ අභවප්‍රාප්ත ගාමිණි නන්දසේන මහතා සමරමින් මාතලේ දිස්ත්‍රික් වොලිබෝල් පුහුණුකරු කෙනඩි වීරසිංහ මහතා ඇතුළු නන්දසේන මහතාගෙන් පුහුණුව ලැබු ක්‍රීඩකයන් එක්ව තරගාවලිය සංවිධානය කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]