අන්තර් පළාත් දක්ෂතම ක්‍රීඩකයා සා.සර්වේශ‍ස්හි අශේන්

අන්තර් පළාත් දක්ෂතම ක්‍රීඩකයා සා.සර්වේශ‍ස්හි අශේන්

අන්තර් පළාත් අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතර සාන්ත සර්වේශස් විදුහලේ අශේන් දීමන්ත තේරී පත්විය.

මාතර දිස්ත්‍රික් ක්‍රීඩකයෙකු මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා‍ ලෙසින් නම් කෙරුනු ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මාතර සාන්ත සර්වේශස් කණිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු එ‍.එම්.ප්‍රියන්ත මහතාගේ පුහුණුව යටතේ ක්‍රීඩා කරන අශේන් පසුගිය අන්තර් පළාත් තරගාවලියේ දී පන්දු යැවීමෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්විය.

අන්තර් පළාත් තරගාවලියේ දක්ෂතා-උතුරු මැද පළාත-ලකුණු 21 සහ කඩුලු 2, මධ්‍යම පළාත- ලකුණු 79 සහ එක් කඩුල්ලක්, ඌව පළාත- ලකුණු 14 සහ එක් කඩුල්ලක්, උතුරු පළාත-ලකුණු 53 සහ කඩුලු 2, බස්නාහිර පළාත- එක් ලකුණක් සහ කඩුලු 3යි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා