දකුණු කොරියාවෙන් තවත් චන්ද්‍රිකාවක් ජනවාරියේ

දකුණු කොරියාවෙන් තවත් චන්ද්‍රිකාවක් ජනවාරියේ

ජනවාරි මාසය අගදී තවත් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට දකුණු කොරියාව සැරසේ. එරට උත්සාහ කරන්නේ චීනය, ඉන්දියාව සහ ජපානය යන ආසියාතික බලවතුන්ගේ අභ්‍යාවකාශ සමාජයට එකතු විමටයි.

කොරියන් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ ටොන් 140 ක් බරැති කේ. එස්. එල්. වි.-1 අභ්‍යාවකාශ යානය කක්ෂගත කිරීම ජනවාරි 30-පෙබරවාරි 8 අතර සිදුවිය හැකි බවයි.

යානය කක්ෂගත කරනු ඇත්තේ කොරියාවේ දකුණු වෙරළේ නරෝ අභ්‍යවකාෂ මධ්‍යස්ථානයේ සිටයි.

වසර 2009 සහ 2010 දී චන්ද්‍රිකා කක්ෂගත කිරීමට දකුණු කොරියාව විසින් දරණ ලද උත්සාහයන් ව්‍යර්ථ වූ හෙයින් මෙවර උත්සාහය සාර්ථක කර ගැනීමට එරට සැදී පැහැදී සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා