ඉන්ධන මිල ඉහළ දැමීමට බංග්ලාදේශයේ විරෝධතා

ඉන්ධන මිල ඉහළ දැමීමට බංග්ලාදේශයේ විරෝධතා

බංග්ලාදේශයේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රට පුරා ව්‍යාප්ත වැඩවර්ජන හේතුවෙන් රටේ විශාල කොටසක් අඩපණව ඇති අතර ඊයේ විරෝධතා කරුවන් මැඬළීමට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රවාහ එල්ල කරන ලදී.

මෑතකදී ඩීසල් පෙට්‍රල් හා භූමිතෙල් මිල වැඩිකිරීමට එරෙහිව රට පුරා ව්‍යාප්ත මේ වැඩවර්ජනය මෙහෙයවන බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලත් වාමවාදී සන්ධානය පවසන්නේ මිල නැංවීම අන්තර්ජාතික මූල්‍ය අරමුද‍ලේ බලපෑමෙන් සිදුවුවක් බවය.

වර්ජනය හේතුවෙන් අගනගරයේ පාසල් කඩසාප්පු හා ව්‍යාපාර ආදිය වැසී ගොස් තිබුණු අතර වෙනදාට ජනාකීරණ ඩකා නගරයේ වීදි පාළුවට ගොස් තිබි ඇත.

එහෙත් ඩකා නගරයේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය අසල රැස් වු විරෝධතකරුවන් මාර්ග බාධක යොදාගෙන වාහන වලට පහර දීමට සැරසීම නිසා පොලීසිය ඔවුනට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ටයර් ගිනි තබා ඇත. එහෙත් කිසිවකු ටත් හානියක් සිදුව නැත. සමහරෙකු පවසන්නේ පොලිසිය ගම්මිරිස් දියර විදින ලද බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා