අඟහරුගේ කැණීම් ඇරඹීමට සූදානම්

කියුරියෝසිටි රෝවර්

අඟහරුගේ කැණීම් ඇරඹීමට සූදානම්

පසුගිය අගෝස්තු 6 වෙනිදා අඟහරු ග්‍රහයා ‍වෙත යවන ලද කියුරියෝසිටි රෝවර් යානය අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨය මත කැණීම් කටයුතු කිරීම ලඟදී අරඹනු ඇතැයි නාසා ආයතනය පවසයි. මෙවැනි කැණීමක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙයයි.

කියුරියෝසිටි යානය මේ දින වල ගමන් කරන්නේ සමතලා පාෂාණ තට්ටුවක් මත බව ධූත මෙහෙවරට සම්බන්ධ පිරිස් පවසති.

මෙහි පරීක්ෂණ ඇසුරින් අඟහරු ග්‍රහයා මත කිසියම් කාලයකදී ජලය තිබුණේ ද යන්න තහවුරු කරගත හැකිවනු ඇති බවට නාසා විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.

මෑතදී සොයාගත් මාටියන් ෆ්ලවර් යන නමින් හඳුන්වන අන්තර් ජාලය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට තුඩු දුන් පාෂාණ කැබැල්ල ද සාපේක්ෂ වශයෙන් විශාල ඛනිජමය කැබැල්ලක් බවද විද්‍යාඥයෝ තහවුරු කර තිබේ.

මෙම කැනීම් කටයුතු කියුරියෝසිටි යානයේ ධූත පිරිස මත පැවරි ඇති විශාලතම අභියෝගය බව නාසා රසායනාගාරයේ රිචඩ් කුක් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා