ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මාලි රජයට 750ක ප්‍රංශ හමුදාවක්

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මාලි රජයට 750ක ප්‍රංශ හමුදාවක්

මාලි රටේ ඉස්ලාමීය සටන්කාමීන් රජයට එරෙහිව දියත් කර ඇති සටනේ දී රජයේ සහායට ප්‍රංශ හමුදා එවීම හේතුවෙන් ඉස්ලාම්වාදීන්ගෙන් එල්ල විය හැකි ප්‍රති ප්‍රහාර සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය සිය විදෙස් තානාපති කාර්යාල වලින් ඉල්ලා ඇත.

ඉස්ලාමීය සටන්කාමීන් බමාකෝ අගනගරය දෙසට ගමන් කිරීම වළකාලිමට ප්‍රංශ හමුදා ගුවනින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය සිකුරාදා යි.

මාලි හි උතුරු ප්‍රදේශ පසුගිය අප්‍රේල් මාසයේ සිට පාලනය කරන්නේ ඉස්ලාම් අන්තවාදීන් විසිනි. මොවුන්ගේ ඉදිරි ගමන අඩාල කිරීමට 750 කින් යුත් ප්‍රංශ හමුදාවක් මාලි හමුදාවේ සහායට එවා තිබේ.

මාලි රජයට සහාය වීමට ප්‍රංශය ඉදිරිපත් විමට එරෙහිව සිකුරාදා විරෝධතා පවත්වන ලෙස ඊජිප්තු ජනයා වෙත ඉල්ලිම් ඉදිරිපත් වි ඇත. මේ හේතුවෙන් ඊජිප්තුවේ ප්‍රංශ තානාපති කාර්යාලයට විශේෂ ආරක්ෂාව සපයන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා තිබේ.

ප්‍රංශය මාලිහී සටන් වලට මැදිහත් වීමත් සමඟ, විශේෂයෙන්ම අප්‍රිකන් රටවල සිටින ප්‍රංශ ජාතිකයන්ට ප්‍රහාර එල්ල කරන ලෙස විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා