අලිප්පෝ සරසවියට මිසයිල ප්‍රහාරයක්

අලිප්පෝ සරසවියට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ අලිප්පෝ විශ්වවිද්‍යාලයට එල්ල වු ප්‍රහාර දෙකකින් 82 දෙදෙනෙක් මිය ගොස් 160 කට අධික පිරිසක් තුවාල ලැබූ බව අලිප්පෝ හි ආණ්ඩුකාර මොහොමඩ් වහිඩ් අක්කාඩ් පවසයි.

එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ විශ්වවිද්‍යාලයේ විභාග ඇරඹූ ප්‍රථම දිනයේදීය.

ප්‍රහාරය එල්ල කරන ලද්දේ ත්‍රස්තවාදීන් විසින් බව රජය පවසන අතර විනාශය සිදුවූයේ රජයේ හමුදා විසින් එල්ල කළ මිසයිල වලින් බව කැරළිකරුවෝ චෝදනා කරති.

පසුගිය ජූලි මාසයේ සිට අලිප්පෝ හි ගැටුම් උත්සන්න වී ඇති බැවින් ආරක්ෂාව පතා පැමිණි 30 000 ක පමණ සරණාගතයන් ද එහි වෙසෙන බව සඳහන් වේ.

මෙම විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ අලිප්පෝ සටන් බිමේ රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශයකයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා