කාන්තා ක්‍රිකට් පිලට
5 වැනි තැන

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය සඳහා කටක් හිදී පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 88 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

විස්තර»

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පුළුල්ව සමාජය දෙස බැලිය හැකි නායකත්වයක් බිහිකිරීමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 පෙරවාරි 05 දා මඩකළපුවේදී

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


හමුදාවට එරෙහි චැනල් 4 චෝදනා බොරු

ජනතාවට ෂෙල් වෙඩි ගැහුවේ නුපුහුණු
කොටි සාමාජිකයන්

හමුදා විමර්ශන වාර්තාව හෙළි කරයි

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම් වාර්තාවේ දැක්වෙන සාමාන්‍ය ජනතාවට හානි ගෙන දුන් ෂෙල් වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් මතභේදාත්මක චැනල් 4 සේවාවෙන් නැගූ චෝදනා විමර්ශනය කළ හමුදා පරීක්ෂණ කණ්ඩායම ඒවා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හේතු කොටගෙන සිදුවූ දෙයක් නොවන බවට තහවුරු කැරගෙන තිබේ.

විස්තර»

උල්කාපාතයක් කඩා වැටී
රුසියාවේ 514කට තුවාල

මධ්‍යම රුසියාවේ මොස්කව් නගරය ආසන්නයට උල්කාපාතයක් කඩාවැටීමෙන් පුද්ගලයෝ 514 දෙනෙක් ඊයේ තුවාල ලැබූහ. මෙය සිදුවී ඇත්තේ රුසියාවේ වෙලාවෙන් ඊයේ උදේ 9.20 ට පමණය.

විස්තර»

1080කට තැපැල් සේවයේ පත්වීම්

තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් වසර 16කට පසු ප්‍රථම වරට එකවර ස්ථිර පත්වීම් 1080ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අරලියග මන්දිරයේදී ඊයේ (15) පිරිනැමිණ. නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි තැපැල් සේවය ජාලගතකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව බඳවා ගත් මෙම තැපැල් සේවා නිලධාරීහූ පරිගණක දැනුමෙන් සන්නද්ධවූවෝ වෙති.

විස්තර»

බෝගම්බර හිරගෙදර හදිසි සෝදිසි මෙහෙයුමක්

රැඳවියන් සතුව තිබී තහනම්
ද්‍රව්‍ය අත්අඩංගුවට

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් පෙරේදා (14) රාත්‍රියේ බෝගම්බර බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී එහි රැඳවියන් සතුව තිබී නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ජංගම දුරකතන 18ක්, මත්ද්‍රව්‍ය පැකට් 65ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.

විස්තර»

පොදු රද මඩුලු සමුළුවට
බංග්ලාදේශයේ සහාය

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදීමට බංග්ලාදේශය එකඟතාව පළ කර ඇත. බංග්ලාදේශයේ සංචාරයක නිරත වන විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එරට අගමැතිනි ෂික් හසීනා මහත්මිය ඊයේ (15) හමුවු අවස්ථාවේ දී මෙම එකඟතාවන්ට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විස්තර»

නීති සිසුවියගේ අත කැපීම

වරදකරුවන් වන සැමට දඬුවම් දෙන්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොළඹ නීති පීඨයේ ඉගෙනුම ලබන මාතර අචලා ප්‍රියදර්ශනී නීති සිසුවියගේ අත අහිමිවීමේ සිද්ධිය පිළිබඳ විද්වත් කමිටු වාර්තාවට අනුව දඬුවම් ලැබිය යුතු ඕනෑම පුද්ගලයකුට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් තම සංගමයේ කිසිම විරුද්ධත්වයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

විස්තර»

කොළඹ සමාජ ශාලාවක දී
දෙපිරිසක් ගැටී අයෙක් මරුට

කොල්ලුපිටිය ඇඩම්ස් ඇවනිවුහිදී ඊයේ(15) අලුයම දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් 22 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ. රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් මේ ඝාතනය සිදුකර තිබෙන බවට පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ මගින් හෙළි වී ඇත.

විස්තර»


 

තැපැල් දෙපාර්තමේන්තුවට බඳවාගත් නවක තැපැල් සේවා නිලධාරීන් 1080කට පත්වීම් ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අරලියගහ මන්දිරයේ දී ඊයේ (15) සිදු කෙරුණු අවස්ථාව. තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග, අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය - නලින් හේවාපතිරණ



 

සකල සිරින් පිරි සිරි ලංකාවේ බලගතු රජයක් ඇති බැවිනා
විරුද්ධ පක්ෂය සවිමත් වියයුතු ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනා
සේනක පුක්කුසලා අත්වැල් බැඳ පොදු විපක්ෂයක් ගොඩනැඟුණා
මහඔසු පඩි ඇත රජයේ පැත්තේ මියුලු නුවර ජයකොඩි බඳිනා