වරදකරුවන් වන සැමට දඬුවම් දෙන්න

නීති සිසුවියගේ අත කැපීම

වරදකරුවන් වන සැමට දඬුවම් දෙන්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොළඹ නීති පීඨයේ ඉගෙනුම ලබන මාතර අචලා ප්‍රියදර්ශනී නීති සිසුවියගේ අත අහිමිවීමේ සිද්ධිය පිළිබඳ විද්වත් කමිටු වාර්තාවට අනුව දඬුවම් ලැබිය යුතු ඕනෑම පුද්ගලයකුට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් තම සංගමයේ කිසිම විරුද්ධත්වයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 මේ කමිටු වාර්තාවට අනුව වැරදිකරුවන් වන වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තම සංගමය කිසිම විරෝධතාවක් නොපවත්වන බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය.

ඉදිරියේ දී මෙවැනි සිද්ධියක් වාර්තා නොවීම සඳහා වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම යාවත්කාලීන කළ යුතු බවත් ප්‍රතිකාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම් රෝහල්වලට ලබාදිය යුතු බවත් ඒ මහතා කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සිද්ධිය සම්බන්ධ විද්වත් කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත්, තමන්ට එය නොලැබුණු බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ කමිටු වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු අතර, මීට වඩා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සඳහා රජය කටයුතු නොකළොත් තවදුරටත් ඉදිරියේ දී මෙවැනි අත්පා අහිමි වීමේ සිද්ධීන් වාර්තා විය හැකි බවටද හෙතෙම අනතුරු ඇඟවීය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා