උල්කාපාතයක් කඩා වැටී රුසියාවේ 514කට තුවාල

උල්කාපාතයක් කඩා වැටී රුසියාවේ 514කට තුවාල

මධ්‍යම රුසියාවේ මොස්කව් නගරය ආසන්නයට උල්කාපාතයක් කඩාවැටීමෙන් පුද්ගලයෝ 514 දෙනෙක් ඊයේ තුවාල ලැබූහ. මෙය සිදුවී ඇත්තේ රුසියාවේ වෙලාවෙන් ඊයේ උදේ 9.20 ට පමණය.

එක්දහස් නවසිය අටේ ජූනි මාසයේ රුසියාවේ සයිබීරියාවේ තුන්ගුස්කා ප්‍රදේශයේ සිදු වූ තාරකා විද්‍යාත්මක අත්දැකීමට පසු උල්කාපාතයක් කඩාවැටුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

සිද්ධිය ඇසින් දුටුවන් කියන පරිදි සාමාන්‍ය ආලෝකයක් නොවන අති දීප්තියකින් යුත් ග්‍රාහක කොටසක් මෙසේ කඩාවැටී ඇති අතර බොහෝ උදවිය එය ගුවන් යානයක් කඩාවැටීමක් ලෙස උපකල්පනය කර ඇත.

මධ්‍යම රුසියාවේ මොස්කව් නගරයේ නැඟෙනහිර සිට කිලෝමීටර් 1500 හෙවත් සැතපුම් 950 එපිටින් මෙම පිපිරීම සිදු වී ඇති අතර එය “යෙකටරින්ග්බර්ග්” ප්‍රදේශයට සැතපුම් 125 හෙවත් කිලෝමීටර් 200 ක් දුරින් සිදු වී ඇත.

රුසියාවේ ප්‍රාදේශීය අමාත්‍යාංශයක් විසින් පවසන ආකාරයට මෙය අතිශය විරල සිදුවීමක් වන බව ද, අදාළ වස්තුව තත්ත්පරයට කිලෝමීටර් 30 හෙවත් සැතපුම් 19 වේගයෙන් පැමිණ මෙම පිපිරීම සිදුකර ඇත.

මෙමඟින් 514 දෙනකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයේ තුවාල සිදු වී ඇති අතර ගොඩනැගිලිවල වීදුරු කඩා වැටී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා