මුද්‍රණය සඳහා

 
රැඳවියන් සතුව තිබී තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

බෝගම්බර හිරගෙදර හදිසි සෝදිසි මෙහෙයුමක්

රැඳවියන් සතුව තිබී තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් පෙරේදා (14) රාත්‍රියේ බෝගම්බර බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී එහි රැඳවියන් සතුව තිබී නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ජංගම දුරකතන 18ක්, මත්ද්‍රව්‍ය පැකට් 65ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.

මරණ දණ්ඩනයට නියම වූ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම්, විශේෂ ගණයේ සිරකරුවන් සහ මරණ දණ්ඩන ඇපෑල සිරකරුවන්ගේ සිර මැදිරි මෙසේ බුද්ධි අංශ පරික්ෂාවට ලක් වූ අතර , එහිදී මරණ දණ්ඩන සිරකරුවකු වන “පොට්ට නවුෆර්” නමැත්තා අත තිබියදීද ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇත.

බුද්ධි අංශ නිලධාරින් 35 දෙනකු පමණ මෙම මෙහෙයුමට සහභාගි වී අතර රාත්‍රි 7.30 සිට 12.30 පමණ වන තෙක් එය ක්‍රියාත්මක වී තිබේ.

මෙම මෙහෙයුමේදී සිම් කාඩ්පත් 14 චාජර් 20කට අධික ප්‍රමාණයක්, ගංජා පැකට් 03ක්, අමෙරිකානු ඩොලර් 100 නෝට්ටුවක්, මුදලින් රුපියල් 3400ක් ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]