පොදු රද මඩුලු සමුළුවට බංග්ලාදේශයේ සහාය

පොදු රද මඩුලු සමුළුවට බංග්ලාදේශයේ සහාය

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදීමට බංග්ලාදේශය එකඟතාව පළ කර ඇත.

බංග්ලාදේශයේ සංචාරයක නිරත වන විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එරට අගමැතිනි ෂික් හසීනා මහත්මිය ඊයේ (15) හමුවු අවස්ථාවේ දී මෙම එකඟතාවන්ට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

බංග්ලාදේශය පොදු රාජ්‍ය මණ්ඩලයේ අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවට ද සහභාගී වේ. එරට දෙදින සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ අගමැතිනිය අතර මිනිස් ජාවාරම් ඇතුළු නීති විරෝධී ගනුදෙනු වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.

දෙරට අතර වෙළෙඳ, නැව් සහ ගුවන් සේවා කටයුතු පුළුල් කිරීම පිළිබඳ අදාළ සාකච්ඡාවේ දී අවධානය යොමු වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා