මරණ දැන්වීම්




සුසිලා මාලනී විජේරත්න මහත්මිය -
අම්බලන්ගොඩ විසූ කෝරලගමගේ සුසිලා මාලනී විජේරත්න මහත්මිය නැසීගිය විශ්‍රාමලත් විදුහල්පති ඒ. ඩබ්. විල්බට් ද සිල්වා මහතාගේ ආදරණීය භාර්යාව වූද වෛද්‍ය සුනිල් ද සිල්වා (දිසා රෝහල - බද්දේගම) තමරා පුෂ්පිකා (වාද්දුව බාලිකා විද්‍යාලය) ප්‍රදීප් ද සිල්වා (දේශීය ආදායම් දෙපාර්තමේන්තුව) යන අයගේ ආදරණීය මෑණියන් වූද සුනීතා ආනන්දගොඩ (බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය) තිලක් ෆොන්සේකා (කොළඹ මහ නගර සභාව) නීතිඥ රුවනි ද සිල්වාගේ ආදරණීය නැන්දණිය වූද අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කෝරලගමගේ සුසිලා මාලනී විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 2013/02/16 වන සෙනසුරාදා පස්වරු 5.00 ට අම්බලන්ගොඩ ආදාහනාගාරයේදී සිදු කෙරේ. නො. 23/9, විද්‍යාල මාවත, අම්බලන්ගොඩ. 0912257509. 038427

රංජිත් උපාලි ධර්මවංශ මහතා - ඉමදූව සුමනගිරියෙහි පදිංචි අසෝකා නානායක්කාරවසම් ගේ (පොලිසිය - හබරාදූව) ආදරණීය ස්වාමී පුරුෂයා වූද, මනුජි (ගුවන් හමුදාව) සමීර (මාර්ග සංවර්ධන අධිකාරිය) ගේ ආදරණීය පියාණන් වූද ගයාන් (ගුවන් හමුදාව) සදාදර මාමණ්ඩිය වූද, එස්. අබේවික්‍රම මහතාගේ ආදරණිය පුතණුවන් වූද පුෂ්පා (නැසීගිය) සුජාතා, ධම්මිකා, කමල්, කුමුදුනී, සන්ද්‍යා යන අයගේ දයාබර සහෝදරයා වූද රංජිත් උපාලි ධර්මවංශ මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන උත්සවය 2013 පෙබරවාරි මස 16 වන දින සවස 6.00 ට කොග්ගල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 040977

අයිරින් ජීරසිංහ - තිලක් ජීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව, චාන්දනී සහ පි‍්‍රයන්තගේ නැන්දා, මනීෂා සහ ජනනිගේ ආච්චි, ගොඩගම විසූ ජයසිංහ පිස්කල් රාලහාමිගේ සහ සේපාල සිල්වාගේ බාල දියණිය, අර්නස්ට් සහ නැසීගිය නෙල්සන්ගේ සොහොයුරිය 15 දින අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඉරිදා බත්තරමුල්ල පොදු සුසාන භූමියේදී සවස 3 ට සිදු කරනු ලැබේ. ශාන්ති මාවත, කොස්වත්ත, තලංගම උතුර. 041799
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා