මුද්‍රණය සඳහා

 
කෑගල්ල සහ රත්නපුර මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 5110ක්

කෑගල්ල සහ රත්නපුර මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 5110ක්

ජපන් අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සියෙන් සබරගමුව පළාත් සභා බල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 5110කට ඉතා ආසන්න මුදල් ප්‍රදානයක් ලැබී ඇති බව ද එම මුදල් යොදවා කෑගල්ල දිසාවේ කිලෝමීටර් 73ක් රත්නපුර මාර්ග කිලෝමීටර් 85ක් සංවර්ධන කෙරෙන බව සබරගමුව පළාත් සභාව පවසයි.

මෙහිදී මාර්ග 20ක් සංවර්ධනයට තෝරාගෙන ඇති අතර එම මාර්ගය කාපට් කර වඩා ඉහළ ප්‍රමිතියකින් සාදා නිමාකරනු ලැබේ.

මේ මාර්ග පද්ධතිවලට ඇති සියලු පාලම් සහ බෝක්කු නවීකරණය කර මග දෙපස කානු පද්ධතියද කොන්ක්‍රීට් දමා සකස් කරන බව එම පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා පැවැසීය.

මේ නව සංවර්ධන වැඩසටහන් යටතේ ගලිගමුව ප්‍රදේශයේ කොටියාකුඹුර, අරුක්ගම්මන හා යටපනේ හික්වැල්ල යන මාර්ග දෙකේ වැඩකටයුතු ඇරඹුණි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 412/- ප්‍රතිපාදන යොදවනු ලැබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]