‘රන්බිමට අරුණළු’ අද අනුරාධපුරයෙන් ඇ‍රැඹේ

‘රන්බිමට අරුණළු’ අද අනුරාධපුරයෙන් ඇ‍රැඹේ

උතුරුමැද පළාතේ නොවිසඳුණු ගැටලු වලට විසඳුම් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ 'රන්බිමට අරුණළු' ජංගම සේවය අද ආරම්භ කෙරේ. උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙහි මුල්ම ජංගම සේවය කැබිතිගොල්ලෑව, මැදවච්චිය හා පදවිය යන ප්‍රාදේශීය කොට්ඨාස ආවරණය වන පරිදි අද සිට (25) පුරා සතියක් තිස්සේ ලබන 02 දා දක්වා පැවැත්වේ. ඉඩම් ගැටලු, මාර්ග ගැටලු, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, සමුපකාර ආදී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මේ ජංගම සේවයේදී ගැටලුවලට විසඳුම් දීම අරමුණ වී තිබේ.

සතියක් පුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් අවසන් දිනයේදී කලා කුසලතාවන් එළි දැක්වීමේ 'රන්බිමට අරුණළු' සෞන්දර්ය චාරිකාව කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

'රන්බිමට අරුණළු' ව්‍යාපෘතිය අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්වල මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්‍රියාවට නංවයි.

ගැටලුවලට විසඳුම් ලබාදෙන අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සියලු තොරතුරු ගෙන ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද ‍ප්‍රධාන අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා