වී අලෙවි මණ්ඩලය හෙට සිට වී මිලට ගනී

වී අලෙවි මණ්ඩලය හෙට සිට වී මිලට ගනී

වී අලෙවි මණ්ඩලය මඟින් රජයේ සහතික මිල යටතේ දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු හෙට (26) සිට ආරම්භ කරයි.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අැමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි මේ කටයුතු සිදු කෙරේ.

 ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වී අලෙවි මණ්ඩලයට අයත් වී මිලදී ගැනීමේ ගබඩා 25කුත් දකුණු කලාපයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගබඩා 14කුත් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ගබඩා 09කුත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගබඩා 05කුත් වශයෙන් වී මිලදී ගැනීමේ ගබඩා 28ක් විවෘත කර ඇත. පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වී අලෙවි මණ්ඩලය විසින් විවෘත කර ඇති වී ගබඩාවලට අමතරව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහාද වී මිලදී ගැනීම ඉදිරියේදී ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ.බී. ජයසිංහ මහතා පවසයි. මේ වන විට වී මෙට්‍රික් ටොන් 2000ක ප්‍රමාණයක් වයඹ, අම්පාර, අනුරාධපුර, උතුර හා නැගෙනහිර යන කලාපවලින් වී මිලදී ගෙන ඇත.

ගොවියාගෙන් ප්‍රමිතියෙන් යුත් වී මිලදී ගැනීම සඳහා රජය සතුව ප්‍රමාණවත් මුදල් ඇති බවත් එම නිසා ගොවියාට රජය විසින් ලබා දුන් නාඩු රු. 32ත් සම්බා රු. 35 ත් යන සහතික මිලට තෙතමනය 14% ක් සහ ප්‍රමිතියෙන් යුත් වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා