ශ්‍රී ලංකා ඉන්දියා මිතුදම බිඳීමට ඇතැමුන් ක්‍රියා කරනවා

ශ්‍රී ලංකා ඉන්දියා මිතුදම බිඳීමට ඇතැමුන් ක්‍රියා කරනවා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අනාදිමත් කාලයක පටන් පවතින මිතුදම සහ සහෝදරත්වය කඩා බිඳ දැමීමට ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ඇතැම් පාර්ශ්වයන් සෘණාත්මක අදහස් සහ විශ්වාසයන් පතුරුවා හරින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතා පවසයි.

කච්චතිව් දූපතේ සාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවයට ඉන්දීය බැතිමතුන් සෑහෙන පිරිසක් සහභාගි වන නිසා ඉන්දියාව සහ ශ්‍රීී ලංකාව අතර පවත්නා සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එය හේතුවන බවද එම උත්සවයට සහභාගි වූ අශෝක් කේ. කාන්තා මහතා පැවැසීය.

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා මිතුදම සහ සහෝදරත්වය දිගු කාලයක් පුරා පැවතෙන්නක්. මේ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම දෙරටටම ඉතාම වැදගත්. අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීමට සියලුදෙනාම උත්සුක විය යුතුයි.”

“මෙම අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව ප්‍රසංශනීය සේවයක් ඉටුකර තිබෙනවා. මේ උත්සාහය සම්බන්ධයෙන් ඔවුනට පැසසුම් කළ යුතුයි. ශ්‍රී ලාංකීය මෙන්ම ඉන්දීය බැතිමතුන්ට ඔවුන් ඉතාම සුහදශීලී සහ ගෞරවාන්විත ලෙස සැලකුවා”යි ඔහු පැවැසීය. “අප දෙරට අතර අනාදිමත් කාලයක් තුළ පවත්නා මෙම මිතුදම සහ සහෝදරත්වය කඩා බිඳ දැමීමට ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ඇතැම් පාර්ශ්වයන් සෘණාත්මක අදහස් සහ විශ්වාස පතුරුවා හරිනවා. අප දෙරට අතර සහෝදරත්වය රැකගැනීමටත්, ශක්තිමත් කිරීමටත් නාවුක හමුදාව කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙනවා.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා