|
||||
යොවුන් නෙට්බෝල් සංචිතයට ක්‍රීඩිකාවන් 35ක් තෝරයික්රීඩා ශක්ති වැඩසටහනින් 12ක්ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලේ මූලික සංචිතයට ක්‍රීඩිකාවන් 35ක් තෝරා ගෙන ඇත. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පෙරේදා නිමාවු නෙට්බෝල් යොවුන් ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරික්ෂණයට ක්‍රීඩිකාවෝ 300ක් පමණ එක්ව සිටියහ. ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩිකාවන් තිදෙනෙකු හා ක්‍රීඩා ශක්ති වැඩ සටහනේ ක්‍රීඩිකාවන් 12ක් මේ මූලික සංචිතයට සුදුසුකම් ලැබුහ. කොළඹ විශාඛා විදුහලේ තිසාලා අල්ගම හා ගයනි දිසානායක යන ක්‍රීඩිකාවන් දෙදෙනාත් ගම්පහ දීප්ති ක්‍රීඩා සමාජයේ සෙමිනී ද අල්විස් ජාතක පිලේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් තිදෙනා වෙති. ක්‍රීඩා අමාත්‍යංශය මෙහෙයවන ක්‍රීඩා ශක්ති වැඩසටහනේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්වල ක්‍රීඩිකාවන් යොවුන් නොට්බෝල් මූලික සංචිතයට සුදුසුකම් ලබා සිටිති.මේ ක්‍රීඩිකාවන් 35 අප්‍රේල් මාසය දක්වා සති අන්තවල පුහුණුවීම් සඳහා යෙදවීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය බලාපොරොත්තු වේ. අප්‍රේල් මාසයේ අවසන් තේරීම් පරික්ෂණය සිදු කෙරෙන අතර එම සංචිතයට ක්‍රීඩිකාවන් 15ක් එක් කෙරේ. එයින් 12ක් ජුලි මාසයේ බෲනායි හි පැවැත්වෙන ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට සහභගීවන අතර ඉතිරි තිදෙනා අතිරේක ක්‍රීඩිකාවන් ලෙස නම් කෙරේ. යොවුන් නෙට්බෝල් මූලික සංචිතය ඕවිනි මයුෂිකා හේමචන්ද්‍ර (බස්නාහිර පළාත් සංගමය), නදී ප්‍රනාන්දු (ක්‍රීඩා ශක්ති-කළුතර), ගයාත්‍රි පී වික්‍රමගේ (ක්‍රීඩා ශක්ති-දකුණු පළාත), විනුරි රණසිංහ (පොලීසිය), පි.අශ්විනි (නාවික), ගයනි දිසා (විශාඛා විදුහල), යුෂානි අනුත්තරා (යුද), දිල්ෂානී කබ්රාල් (ක්‍රීඩා ශක්ති-කොළඹ), මධුමාලි සිංහබාහු (තරුණ සේවා), දුලංගි වන්නිතිලක (පාසල් සංගමය-වයඹ), ගයාංජලී අමරවංශ (උසස් බාලිකා), අලෝක බුද්ධිනි (තරුණ සේවා), කවීෂා ඒකනායක (උසස් බාලිකා), භාෂිනී යෝෂිකා (ක්‍රීඩා ශක්ති-ගම්පහ), කවීතා දිල්රුක්ෂි (ක්‍රීඩා ශක්ති-කොළඹ), එම්.එම්.එම්.ආර්.නවරත්න (නාවික), ශ්‍රිනිකා මල්ශානී (පාසල් සංගමය), ඩබ්ලිව්.පී.එල්.වෙද්යරත්න (තරුණ සේවා), හසන්ති වල්පොල (පාසල් සංගමය), යු.ඩී.සී.මල්කාන්ති (ගුවන්), සේනානී පාලිකා (ක්‍රීඩා ශක්ති-කළුතර), රසුනි රේෂානි (කළුතර බාලිකා), හිරුනි දිලංකා (ක්‍රීඩා ශක්ති-ගාල්ල), අංජලී ප්‍රනාන්දු (පාසල් සංගමය), රුවනි යටිගම්මන (ක්‍රීඩා ශක්ති-මහනුවර), මෙනිජා පරමලිංගම් (තරුණ සේවා), හිරුනි වල්පොල (බස්නාහිර පළාත් ක්‍රීඩා සමාජය), තරිනි හරින්යා (ක්‍රීඩා ශක්ති-ගාල්ල), මන්දිරා චාරුනි (ක්‍රීඩා ශක්ති-ගාල්ල), හිමාලි මේධා (ක්‍රීඩා ශක්ති-කළුතර), ගිෂාරා නයනතාරා (පාසල් සංගම), තිසාලා අල්ගම (විශාඛා විදුහල), හංසනී අශාෂා (කළුතර ක්‍රී.ස), සෙමිනි අල්විස් (දීප්ති ක්‍රී.ස), මල්ෂා සත්සරී (ක්‍රීඩා ශක්ති-කුරුණෑගල). |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |