මුද්‍රණය සඳහා

 
වයස්ගතම මැරතන් ක්‍රීඩකයා විශ්‍රාම යයි

වයස්ගතම මැරතන් ක්‍රීඩකයා විශ්‍රාම යයි

ලොව වයස්ගතම මැරතන් තරග ධාවකයා ලෙස සැලකෙන ෆවුජා සිං හොංකොං මැරතන් තරගයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගත්තේය.

101ක් වියැති සිං කිලෝමීටර් 10කින් යුත් හොංකොං මැරතන් තරගය නිමාකළේ පැයකුත්, මිනිත්තු 32ක් සහ තත්පර 28ක කාලයක් වාර්තා කරමින්ය. ඒ අනුව ඔහු පසුගිය වසරේ තරගයේදී නිමාකළ කාලයට වඩා මිනිත්තු භාගයක් අඩුවෙන් සිටියේය. ඉන්දියාවේ උපත ලබා අනතුරුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ සිං වාර්තා කළ කාලය පිළිබඳව සතුටට පත්වන බව තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියද සුබසාධනය සඳහා වන තරගවලට ඉදිරියේදී සහභාගිවන බව ඔහු කී‍වේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]