|
||||
මලින්ද පුෂ්පකුමාරගෙන් සුපිරි පන්දු යැවීමක්
මුවර්ස් ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාරගේ සුපිරි පන්දු යැවීමත්, ශෙහාන් ජයසූරිය හා චතුරංග ද සිල්වාගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගමාලාවේ බී.ආර්.සී.පිල සමග බී.ආර්.සී.පිටියේ පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 172ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මුවර්ස් පිල ඊයේ සමත්විය. බී.ආර්.සී.පිලේ පළමු ඉනිම ලකුණු 225කට සීමා කරමින් ලකුණු 70කට කඩුලු 7ක් දවාලූ පුෂ්පකුමාර දෙවැනි ඉනිමේ දී ලකුණු 24කට කඩුලු 5ක් බිඳ දැමුවේය. මුවර්ස් පළමු ඉනිමේ දී ශෙහාන් ජයසූරිය ලකුණු 123ක් ද, චතුරංග ද සිල්වා ලකුණු 113ක් ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. මුවර්ස් පළමු ඉනිම – 519/8 (ඉනිම අත්හිටුවන ලදි) ශෙහාන් ජයසූරිය 123, චතුරංග ද සිල්වා 113, ජානක ගුණරත්න 80 (නිමේෂ් පෙරේරා 70/4) බී.ආර්.සී.පළමු ඉනිම – 225 (සියලුදෙනා දැවී) රොස්කෝ තටිල් 87, ශෙහාන් පෙරේරා 62 ( මලින්ද පුෂ්පකුමාර 70/7) සහ දෙවැනි ඉනිම 61 (සියලුදෙනා දැවී) රොස්කෝ තටිල් නොදැවී 25 (මලින්ද පුෂ්පකුමාර 24/5, ජානක ගුණරත්න 27/4)
එන්.සී.සී.පිලට ජය වරාය අධිකාරී පිලට එරෙහිව කෝල්ට්ස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 101ක ජයක් අත්කර ගැනීමට එන්.සී.සී.පිල ඊයේ සමත්විය. එන්.සී.සී.පළමු ඉනිම – 287 (සියලුදෙනා දැවී) චාමර කපුගෙදර 79, දිනේෂ් චන්දිමාල් 47 ( චානක කොමසාරු 77/6) සහ දෙවැනි ඉනිම – 178/7 (ඉනිම අත්හිටුවන ලදි) දිනේෂ් චන්දිමාල් 73 උපුල් තරංග 38 වරාය අධිකාරිය පළමු ඉනිම – 120 (සියලුදෙනා දැවී) ගයාන් මනේෂාන් නොදැවී 37 (තරිඳු කෞෂාල් 30/5) සහ දෙවැනි ඉනිම – 244 (සියලුදෙනා දැවී) අෂාන් ප්‍රියන්ජන 89 (ජෙහාන් මුබාරක් 37/3)
එස්.එස්.සී.ය ඉනිමකින් ජය ගනී නාවික හමුදා පිල සහ එස්.එස්.සී.පිල අතර එස්.එස්.සී.පිටියේ පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට එස්.එස්.සී.පිල සමත්විය. නාවික පළමු ඉනිම – 163 (සියලුදෙනා දැවී) බුද්ධික හසරංග නොදැවී 79 (සචිත්‍ර සේනානායක 51/5) සහ දෙවැනි ඉනිම – 296 (සියලුදෙනා දැවී) රනිල් රසාංග 83, ලක්මාල් කීර්තිරත්න නොදැවී 71 (ධම්මික ප්‍රසාද් 54/3) එස්.එස්.සී.පළමු ඉනිම – 501/7 (ඉනිම අත්හිටුවන ලදි) තිලාන් සමරවීර 118, කෞෂාල් සිල්වා 109, දසුන් ශානක 55, තිළිණ කණ්ඩම්බි 51, සචිත්‍ර සේනානායක නොදැවී 50
ගාල්ලට ලකුණු 104ක ජයක් උමේග චතුරංග සහ කෞෂල්‍ය ගජසිංහගේ විශිෂ්ට පන්දු යැවීමේ හේතුවෙන් කුරුණෑගල යොවුන් පිලට එරෙහිව ගාල්ලේ පැවැති තරගයෙන් ලකුණු 104ක ජයක් අත්කර ගැනීමට ගාල්ල ක්‍රීඩා සමාජය සමත්විය. කුරුණෑගල පළමු ඉනිමේ දී කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දවාලීමට කෞෂල්‍ය සමත්වූ අතර උමේග පළමු ඉනිමේදී කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 4ක් දවාලීය. ගාල්ල පළමු ඉනිම – 235 (සියලුදෙනා දැවී) චානක විතානගේ 49, රුමේෂ් රංගන 49 ( නන්දික අබේසිංහ 29/3) සහ දෙවැනි ඉනිම 226/6 (ඉනිම අත්හිටුවන ලදි) චමිඳු ඉසංක 56, කෞෂල්‍ය ගජසිංහ නොදැවී 53 (අනුරුද්ධ රාජපක්ෂ 37/3) කුරුණෑගල පළමු ඉනිම – 130 (සියලුදෙනා දැවී) චාමිකර එදිරිසිංහ 42 (කෞෂල්‍ය ගජසිංහ 29/5, උමේග චතුරංග 47/4) සහ දෙවැනි ඉනිම 227 (සියලුදෙනා දැවී) සමන් ධර්මපාල 75, චින්තක ජයබණ්ඩාර 55 ( උමේග චතුරංග 88/4, කෞෂල්‍ය ගජසිංහ 41/3)
බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ලංකන් ක්‍රීඩා සමාජය සමග බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 92ක ජයක් ලබාගැනීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත්විය. බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම – 278 (සියලුදෙනා දැවී) උපුල් ඉන්ද්‍රසිරි 54, තරංග ලක්ෂිත 53 (අමිල අපෝන්සු 81/4) සහ දෙවැනි ඉනිම – 183 (සියලුදෙනා දැවී) දමින්ද රණවීර නොදැවී 57 (ෂොහාන් බෝවල 52/4, අමිල අපෝන්සු 68/4) ලංකන් පළමු ඉනිම – 210 (සියලුදෙනා දැවී) ඕෂධ ප්‍රනාන්දු 70 (උපුල් ඉන්ද්‍රසිරි 39/4, ඉම්රාන් ඛාන් 52/3) සහ දෙවැනි ඉනිම – 159 (සියලුදෙනා දැවී) සජීව සල්ගාදු 81 (සුරාජ් රන්දීව් 69/6, උපුල් ඉන්ද්‍රසිරි 52/4)
රාගමට ඉනිමක ජයක් ගුවන් හමුදාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 27ක ජයක් වාර්තා කිරීමට රාගම ක්‍රිකට් කණ්ඩායම සමත්විය. මේ තරගයේ දී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ රාගම කණ්ඩායමේ මයිකල් වෙන්ඩෝට් ලකුණු 251ක් රැස්කිරීම විශේෂ සිදුවීමක් විය. එය මෙවර තරගමාලාවේ මෙන්ම වෙන්ඩෝට්ගේ පළමුපෙළ තරග දිවියේ ද වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. ගුවන් පළමු ඉනිම – 355 (සියලුදෙනා දැවී) රාජු ගයේෂාන් 95, සජිත් කැලුම්ප්‍රිය 81, රජිත රත්නායක 52 ( මාලිංග බණ්ඩාර 107/6) සහ දෙවැනි ඉනිම – 209(සියලුදෙනා දැවී) යසෝධ ලංකා 82 (මිලින්ද සිරිවර්ධන 48/5) රාගම පළමු ඉනිම - 591/9 (ඉනිම අත්හිටුවන ලදි) මයිකල් වෙන්ඩෝට් 251, මිලින්ද සිරිවර්ධන 90, ශාලික කරුණානායක 79 (අකිල ඉසංක 165/4)
ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 7ක ජයක් බදුරඑලිය කණ්ඩායම සහ ද්‍රවිඩ සංගම් පිල අතර සරවනමුත්තු පිටියේ පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය. බදුරඑලිය පළමු ඉනිම – 310 (සියලුදෙනා දැවී) පබසර වඩුගේ 111, අකලංක සිල්වා 81 (ජීවන් මෙන්ඩිස් 67/4) සහ දෙවැනි ඉනිම - 153 (සියලුදෙනා දැවී) නිලූෂාන් නෝනිස් නොදැවී 75 (ජීවන් මෙන්ඩිස් 54/4, ෂමින්ද එරංග 23/3) ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 250 (සියලුදෙනා දැවී) ටී.එම්.සම්පත් 80, ජීවන් මෙන්ඩිස් 56 (සාලිය සමන් ජීවන්ත 50/3) සහ දෙවැනි ඉනිම – 214/3යි. මහේල උඩවත්ත නොදැවී 124, අෂේන් සිල්වා 40 |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |